Monday 4th of May 2026

English Tamil
Advertiesment


වසර බිලියන 2.7ක් පැරණි - වැහි බිඳු පොසිල-


2025-07-15 14881

 

මෑතකදී සිදු කරන ලද විශ්මයජනක සොයා ගැනීමක් මගින් වසර බිලියන 2.7à¶šà¶§ පෙර à¶´à¶­à·’à¶­ වූ වැහි බිඳු පොසිල බවට à¶´à¶­à·Šà·€ ඇති à¶¶à·€ හෙළි කරගෙන තිබෙනවා. මේ පුදුම සහගත, දුර්ලභ පොසිල සොයාගනු ලැබුවේ දකුණු à¶…à¶´à·Š‍රිකාවේ වයඹ පළාතේ වෙන්ටර්ස්ඩෝර්ප් වලින්.

මෙහෙම කියද්දි ඔබට හිතෙන්න පුලුවන් වතුර බිංදුවක් කොහොමද පොසිලයක් වෙන්නෙ කියලා. පොසිල හැදෙන à¶šà·Š‍රම කීපයක් තියෙනවා. ඛනිජකරණය (Permineralization/Petrification), à¶…à¶ à·Šà¶ à·” සහ වාත්තු (Molds and Casts), à¶´à·Š‍රතිස්ථාපනය (Replacement), සම්පීඩනය (Compression), ඇම්බර්වල සංරක්ෂණය (Preservation in Amber), ශීතකරණය (Freezing), වියළීම (Desiccation), අනුරේඛන / සලකුණු පොසිල (Trace Fossils) ඉන් කිහිපයක්.

à¶’ අනුව මේ වැහි බිඳු පොසිල ගත්තොත්, වසර බිලියන 2.7à¶šà·Š පමණ පැරණි ගිනිකඳු à¶…à·…à·” වලින් සෑදුණු පාෂාණ ස්ථරයක් තුළ මේ වැහි බිඳු වල හැඩයන් පැහැදිලිව සටහන් වී තිබෙනවා. ඒවා ගිනිකඳු à¶…à·…à·” වලින් සෑදුණු පර්වතයක මතුපිට සටහන් වුනු කුඩා වලවල් විදියටයි දර්ශනය වෙන්නේ. ගිනිකඳු à¶…à·…à·” මතට ඇද හැළුනු වර්ෂාව නිසා කුඩා අවපාත හෑරී, පසුව ඒවා තවදුරටත් à¶…à·…à·” නිධි වලින් වැසී ගොස් ශිලාකරණයට ලක් වන්නට ඇති. කාලයත් සමඟ පර්වතයේ ඉහළ ස්ථර ඛාදනය වී ඇති නිසා අද à¶…à¶´à¶§ වැහි බිඳු මුද්‍රණ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. à¶’ නිසා මේවා සලකුණු පොසිල (Trace Fossils) කාණ්ඩයට අයත් වෙනවා.

මේ "වැහි බිඳු පොසිල" වැදගත් වෙන්නේ ඒවා මගින් වසර බිලියන 2.7 à¶šà¶§ පෙර පැවති පෘථිවියේ වායුගෝලීය පීඩනය පිළිබඳව තොරතුරු ලබාගන්න පුළුවන් නිසයි. මෙසේ පොසිල වූ වැහි බිඳු වල හැඩය සහ à¶´à·Š‍රමාණය සූක්ෂම ලෙස විශ්ලේෂණය කිරීමෙන් විද්‍යාඥයින්ට පුරාණ වායුගෝලයේ පීඩනය à¶´à·’à·…à·’à¶¶à¶³ වැදගත් නිගමනවලට එළඹීමට හැකි වී තිබෙන බවයි පැවසෙන්නේ. වැහි බිඳු වාතය හරහා ගමන් කරන විට ඒවායේ හැඩය වායු à¶´à·Š‍රතිරෝධය මත රඳා පවතිනවා. වායුගෝලීය පීඩනය à¶…à¶©à·” වූ විට වැහි බිඳු වඩාත් සමතලා හැඩයක් ගන්නා à¶…à¶­à¶» පීඩනය වැඩි වූ විට ඒවා ගෝලාකාර හැඩයක් ගන්නවා. à¶’ වගේම විද්‍යාඥයින් විශ්වාස කරන්නේ වැහි බිඳු බිමට වැටෙන වේගය (පර්යන්ත à¶´à·Š‍රවේගය) වායු ඝනත්වය මත රඳා පවතින බවයි. වාතය ඝන නම්, වැහි බිඳු සෙමින් වැටෙන à¶…à¶­à¶» කුඩා වලවල් සාදනවා. වාතය තුනී නම්, වැහි බිඳු වේගයෙන් වැටෙන à¶…à¶­à¶» එයින් විශාල වලවල් සාදනවා. à¶’ අනුව විද්‍යාඥයින් ඉතිරිව ඇති අවපාත බිංදු භාවිතා à¶šà¶» ඒවා බිමට à¶´à·„à¶» දෙන විට කොතරම් වේගයෙන් ගමන් කළේද යන්න ගණනය à¶šà¶» තිබෙනවා.මෙය පුරාණ කාලයේ වාතයේ ඝනත්වය තීරණය කිරීමට ඔවුන්ට ඉඩ සලසා දුන් බවයි නාසා à·„à·’ ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය සංජෝයි සොම් වසන්නේ.

මීට වසර බිලියන 2.7 à¶šà¶§ පෙර පෘථිවිය අද à¶…à¶´ දන්නා ග්‍රහලෝකයට වඩා බෙහෙවින් වෙනස් à¶‘à¶šà¶šà·Š. එය බොහෝ වේගයෙන් à¶·à·Š‍රමණය වුනා, සඳ අදට වඩා පෘථිවියට සමීප වුනා, සූර්යයා බොහෝ දුර්වල à¶‘à¶šà¶šà·Š වුනා. à¶’ කාලයේ සතුන් හෝ ශාක තිබුණේ නෑ. වායුගෝලයේ අද වගේම බහුලව නයිට්‍රජන් තිබුණත් ඔක්සිජන් තිබුණේ නෑ. à¶’ වෙනුවට කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායූන් බහුල වුනා.

à¶’ අනුව මේ පොසිල වූ වැහි බිඳු වල හැඩය වර්තමාන වැහි බිඳු වල හැඩය සමඟ සංසන්දනය කිරීමෙන් විද්‍යාඥයින් නිගමනය à¶šà¶» ඇත්තේ වසර බිලියන 2.7à¶šà¶§ පෙර පෘථිවි වායුගෝලයේ පීඩනය වර්තමාන පීඩනය වගේ දෙගුණයක් පමණ වන්නට ඇති බවයි. වායුගෝලීය පීඩනය වැඩි වීම කියන්නෙ සරලවම ගත්තොත්, පුරාණ පෘථිවියේ දේශගුණය වර්තමානයට වඩා බෙහෙවින් උණුසුම්ව පැවති බවට හොඳ සාක්ෂියක්. වායුගෝලීය පීඩනය වැඩි වූ විට තාපය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා.

à¶’ අනුව, මේ කාලය තුළ පෘථිවිය උණුසුම්ව පැවතීමට හේතුව හරිතාගාර වායුන්ගේ à¶…à¶°à·’à¶š සාන්ද්‍රණය විය හැකි à¶¶à·€ විද්‍යාඥයින් යෝජනා කරනවා. මීතේන්, ඊතේන් සහ/හෝ කාබොනිල් සල්ෆයිඩ් වැනි හරිතාගාර වායුන් වායුගෝලයේ à¶…à¶°à·’à¶š ලෙස පැවතීම නිසා දුර්වල සූර්යයාගෙන් ලැබෙන තාපය රඳවාගෙන පෘථිවිය උණුසුම්ව තබාගෙන ඇති à¶¶à·€ විශ්වාස කෙරෙනවා.

මේ සොයාගැනීම පෘථිවි ඉතිහාසයේ මුල් අවධියේ දේශගුණික තත්ත්වයන් පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කරන අතර ජීවයේ ආරම්භය සහ වර්ධනය සඳහා එවැනි උණුසුම් දේශගුණයක් කෙතරම් වැදගත් වූවාද යන්න පිළිබඳව නව අදහසක් මතු කරනවා.

 

- Timeline Tales -
Advertiesment